අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා 2026 ජනවාරි 9වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ඒ සැකකාර හිටපු අමාත්‍යවරයා අද (28) ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් පද්මා අමරතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශය මගින් සිදුකරන ලද විමර්ශනයකටContinue Reading

අයගම, සමරුගම ප්‍රදේශයේදී පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ  අදාළ පුද්ගලයා රත්නපුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි පොලිසිය පැවසීය. මියගොස් ඇත්තේ 57 හැවිරිදි අයගම, සමරුගම ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි පුද්ගලයෙකි. අසල්වැසි නිවසක පුද්ගලයෙකු සමග ඇතිකර ගත් ආරවුලක් දුරදිග යාමෙන් එම නිවෙස් හිමියා විසින්Continue Reading

2026 වර්ෂය ආරම්භ වීමට ඇත්තේ තවත් දින 03ක් පමණි. 2026 වසරට අදාළ දින දර්ශන මේ වනවිටත් නිකුත් වී අවසන්ය. මේ අතර 2026ට අදාළ දින දර්ශනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ද ප්‍රකාශයට පත් කර තිබුණි. ඒ අනුව 2026 වසරට අදාළව රජයේ නිවාඩු 26ක් ප්‍රකාශයට පත් කර තිබේ. එහි වැඩිම නිවාඩු ගණනක්Continue Reading

හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලි ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (27)  අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඇය 91 වන වියේ පසුවුණි. වර්ෂ 1934 දී ගල්කිස්සේ දී උපත ලැබූ ලතා වල්පොල මහත්මිය 1946 වසරේ දී එවක රේඩියෝ සිලෝන් හි තම පළමු ගායනය ඉදිරිපත් කරන්නේ, වයස අවුරුදු 12ක පුංචි දැරියක් ලෙසය. ඇයContinue Reading

බොරැල්ල මිහිදු සෙන්පුර ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබා ගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. බොරැල්ල පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. එහිදී ඇය සතුව තිබී හෙ‍රොයින් ග්‍රෑම් 490යි මිලිග්‍රෑම් 300ක් සොයාගෙන ඇත. පොලීසිය සඳහන් කළේ සැකකාරිය 65 හැවිරිදි දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවය.Continue Reading

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී ජංගම දුරකතන 133ක් ඇතුළු ද්‍රව්‍ය සොයා ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. මෙම වසරේ  ජනවාරි මස 01 වැනිදා සිට දෙසැම්බර් මස 26 වැනිදා දක්වා කාලය තුළ බූස්ස බන්ධනාගාරය තුළ සිදු කළ වැටලීම් 72කදී  මෙම ජංගම දුරකතන ඇතුළු ද්‍රව්‍ය සොයාගෙන ඇත. පොලිස් විශේෂContinue Reading

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික හවුල්කාරීත්ව වැඩ පිළිවෙල යටතේ පෞද්ගලික සමාගම් වලට පැවරීමට යෝජනාවක් සකස් කර ඇති බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පවසයි. මින් කිසිදු ලෙසකින් හෝ   මත්තල ගුවන්තොටුපොළ  පෞද්ගලීකකරණය කිරීමට කටයුතු නොකරන බව ද  අමාත්‍යවරයා සදහන් කළේය. මෙම යෝජනාවලිය කැබිනට් මණ්ඩලයටContinue Reading

අද (27) අලුයම 1ට පමණ හබරණ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ  124 කිලෝමීටර් කණුව අසලින් ධාවනය වූ වෑන් රථයක වනඅලියෙකු ගැටී තිබේ. එම අනතුරෙන් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරා සහ කාන්තාවක් හබරණ රෝහලට ඇතුළත් කෙරුණු අතර වනඅලියා මියගොස් ඇත. කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ සිට හුරුලු පාරිසරික උද්‍යානය දක්වා ප්‍රධාන මාර්ගය හරහා මාරුවීමේදී වනඅලියාContinue Reading

හිටපු අමාත්‍යවරයෙකු වූ ඩග්ලස් දේවානන්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදුකරන විමර්ශනවලදී හිටපු අමාත්‍යවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. එම අවියේContinue Reading

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට ලද තොරතුරක් මත සිදුකරන ලද සෝදිසි මෙහෙයුම සම්බන්ධව පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිල විද්‍යුත් තැපැල් ලිපිනයට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාන 05ක බෝම්බ සඟවා ඇතැයි පණිවිඩයක් ලැබී ඇති බවය. ඒ අනුව මහනුවර පොලිස් කොට්ඨාසContinue Reading