චුන්නාකම් පොලිස් වසමේ මරදනාමඩම් හංදියේ දි යාපනය කොට්ඨාස අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු කන්ඩායමක් විසින් ඊයේ (03) දේශිය නිෂ්පාදිත අත්බෝම්බයක් ළඟ තබා ගෙන සිටි කොකුවිල් බටහිර ,කොකුවිල් යන ලිපිනයේ පදිංචි සුවරාසා ඩිලක්ෂන් නැමැත්තා අත්අඩංගුවට ගෙන චුන්නාකම් පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කරන ලදි. මෙම සැකකරු ආවා කල්ලි ප්‍රධානියකු වන ජනෝත් යන අයගේ ප්‍රධාන ගෝලයකු වන අතර පසුගියContinue Reading

1990 ගිලන්රථ සේවාවේ නව කාර්යාලය අද (04) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද ඇතුළු මැතිඇමතිවරුන් පිරිසක් එක්ව සිටියේය. නව කාර්යාලය කොළඹ 07, හෝටන් පෙදෙසේ පිහිටි ස්ථානයේදී විවෘත කිරීම සිදු කෙරිණි.Continue Reading

අද (04) පෙරවරු 8 සිට යළිත් වරක් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පැවසීය. එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ වැඩ වර්ජනය අවසන් කරන කාලසීමාව පිලිබඳව අද පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී තීරණය කරන බවය. වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රියාවලිය දේශපාලනීකරණය කිරීමට එරෙහිව රජයේ වෛද්‍යContinue Reading

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් සිව්දෙනෙකු පලාගොස් ඇති අතර ඔවුන් සොයා ගැනීම සඳහා පොලිසිය සහ ආරක්ෂක අංශ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. අද (03) අලුයම කාලයේදී මෙම රැඳවියන් පිරිස පලාගොස් ඇති බවට වාර්තා වේ.Continue Reading

ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 10ක් පසු කරමින් දින 110ක් පුරා සාම පාගමනේ යෙදුණු පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් මෙරට පැවැත්වීමට නියමිත “Walk for Peace Program in Sri Lanka” සාම පාගමනට රාජ්‍ය අනුග්‍රහය ලබාදීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකContinue Reading

මියන්මාරයේ නව ජනාධිපතිවරයා ලෙස ජෙනරාල් ‘මින් අන්ග් හලින්ග්’ පාර්ලිමේන්තුවේදී තෝරාපත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.  එහිදී හමුදාහිතවාදී මන්ත්‍රී ආසන 584න් 429ක පක්ෂපාතීත්වය ජෙනරාල් මින් අවුන් හ්ලියැං හට ලැබී ඇති බව එහි දැක්වෙයි.  ඔහු 2021 වසරේදී මියන්මාරයේ බලය හෙබවූ අවුන් සාන් සුකී සහ ජනාධිපති තාන් ශ්වේ අත්අඩංගුවට ගෙන රටෙහි බලය තමන් සතු කරගත්තේය. Continue Reading

ගාල්ල තෙලිකඩ පොලිස් වසමේ මාවඩවිල අක්කර 13 ප්‍රදේශයේදී අද (03) උදෑසන එකම පවුලේ තිදෙනෙකුට පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී තිබේ. පොලීසිය පැවසුවේ අද උදෑසන 6ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර පහරදීමෙන් තුවාල ලැබූ පිරිස් රෝහල් ගත කිරීමට පියවර ගත් නමුත් එහිදී දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවය. පහරදීමෙන් මෙලෙස ඝාතනයට ලක්වContinue Reading

රුපියල් විසි එක් කෝටි හැත්තෑ හත් ලක්ෂ අනූ දහසක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ විදේශීය ගුවන් මගියෙක් අද අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබීය. මොහු 42 හැවිරිදි වියේ පසුවන කැනඩා ජාතික ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවෙකි . ඔහු මෙම ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේContinue Reading

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී (Chief of Staff) ලෙස මේජර් ජෙනරල් මානද යහම්පත් ඊයේ (02) වැඩ භාරගනු ලැබීය. හිටපු මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් කපිල දොළගේ හමුදා සේවයෙන් විශ්‍රාම යාම නිසා එම තනතුර පුරප්පාඩු විය.Continue Reading

මට්ටක්කුලිය, ගැමුණුපුර ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් නව දෙනෙකු මට්ටක්කුලිය පොලීසිය විසින් ඊයේ (2) අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත් 31වනදා රාත්‍රියේ දී ගැමුණුපුර ප්‍රදේශයේදී අදාළ ඝාතනය සිදුකර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත. සැකකරුවන් අවුරුදු 19ත් 40ත් අතර වයසේ පසුවනContinue Reading