පොලීසිය සමග පොර බැදීමේදී නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුට වෙඩි වදියි

අම්පාර පොලිස් බල ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් ජාවාරමකට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩි තැබීමක් සිදුව තිබේ.

ඊයේ (17) රාත්‍රියේදී මෙම සිදුවීම සිදුව ඇති අතර එහිදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අදාළ වැටලීම සිදුකළ අවස්ථාවේදි සැකකරු නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් නිලධාරීන්ට පහරදීමට තැත් කර තිබේ.

පසුව සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රෝහල් ගත කර ඇති අතර එහිදී සැකකරු රෝහලින් පලා ගොස් ඇත.

එහිදී ජංගම සංචාරක නිලධාරියෙකු සැකකරු අත්අඩංගුවට ගැනීමට උත්සාහ දරා ඇති අතර එහිදී සැකකරු නිලධාරියාගේ ගිනිඅවිය උදුරා ගැනීමට තැත්ත් කර තිබේ.

එම අවස්ථාවේදි ඇතිවූ තත්ත්වය මත සැකකරුට වෙඩි වැදී ඇති අතර ඔහුව රෝහල් ගත කිරීමටද පොලීසිය පියවර ගෙන ඇත.

පොලීසිය පැවසුවේ සිද්ධියෙන් පොලිස් නිලධාරියෙකුද තුවාල ලබා රෝහල් ගත කර ඇති බවය.

Leave a Reply

Your email address will not be published.