නිවසකට ඇතුළුවූ කල්ලියක් රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂයක මුදලක් කොල්ලකා පළාගොස් තිබේ. මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ පිහිටි අදාළ නිවසේ ස්විට්සර්ලන්තය සිට පැමිණි කාන්තාවක් තනිව ජීවත්වී ඇති අතර ඇයට දැඩි ලෙස පහරදී මුදල් කොල්ලය සිදුකර ඇති බව පොලීසිය පවසයි. මෙම කොල්ලකරුවන් අද (20) උදෑසන එම නිවසේ නාන කාමරයේ කවුළුවේ විදුරුව බිඳ නිවසට ඇතුළුවීContinue Reading

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කළ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව ගියවර පාර්ලිමේන්තු මැතිවරණයට සාපේක්ෂව සැලකිය යුතු අයුරින් පහත වැටී තිබේ. එහිදී 2020 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 305,744 ක් ලබා ගැනීමට සමත් විය. නමුත් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදීContinue Reading

10වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීමට අදාළ කටයුතු හෙට (17) සිට ආරම්භ කෙරෙයි. පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පැවසුවේ ඒ් අනුව නවක මන්ත්‍රීවරුන්ට හෙට සිට ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි විය හැකි බවය. අදාළ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය තොරතුරු දැනගැනීම සඳහා 19 වනදා සහ 20 වනදා පාර්ලිමේන්තුවේ තොරතුරු කවුලු දෙකක් විවෘත කිරීමට දContinue Reading

2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පළමුවැනියා වී තිබේ. මෙම මනාප ගණන මෙරට පාර්ලිමේත්තු මැතිවරණ ඉතිහාසයේ එක් මන්ත්‍රී ධුර අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ගණන ලෙස ඉතිහාස ගත වේ.  මීට පෙර වැඩිම මනාප ඡන්ද ගණනක්Continue Reading

ගම්පොල නගරයේ දී ගම්පොල දෙස සිට නාවලපිටිය දෙසට ධාවනය වූ ජීප් රථයක් ඉදිරියෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් කුඩා පිරිමි දරුවෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ මෙම අනතුර ඊයේ (13) පස්වරුවේ සිදුව ඇති බවය. ජීප් රථය ඉදිරියෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයේ ගැටීමේදී ත්‍රීරෝද රථය පෙරළී ගොස්Continue Reading

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැක කෙරෙන චීන ජාතිකයින් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වැලිකඩ, කෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ සැකකරුවන් සතුව තිබුණු ඩෙස්ක්ටොප් පරිගණක 15ක් සහ ජංගම දුරකථන 15ක් පොලිස් භාරයට ගෙන ඇති බවය. Continue Reading

මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 අගෝස්තු මාසය අවසන් වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 6.0ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. ඊට චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් ද අන්තර්ගත වෙයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දළ නිල සංචිත (GOR) ඉහළ නැංවීම සඳහා 2024 වසරේ මේ දක්වාContinue Reading

මෙරට 9වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වී තිබේ. ඒ අනුව ඔහු හෙට (23)  උදෑසන වැඩ භාරගැනීමට නියමිතය. අනුර කුමාර දිසානායක 1968 නොවැම්බර් මස 24 වනදා උපත ලබන්නේ, මාතලේ දේවහූව ග්‍රාමයේදීය.  ඒ දිසානායක මුදියන්සේලාගේ රන්බණ්ඩා සහ දිසානායක මුදියන්සේලාගේ සීලවතී යුවළට දාවය. දිසානායක පවුලේ දෙවැනියා වූ අනුර මූලික අධ්‍යාපනයContinue Reading

මියන්මාරයේ කදවුරු තුළ බලහත්කාරයෙන් සයිබර් අපරාධ සඳහා යොදවා සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනකු පෙරේදා (5) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. පිරිමි පුද්ගලයන් 16 දෙනෙක් සහ තරුණ කාන්තාවෝ 4ක් මේ පිරිසට අයත් වූහ. මොවුන් මෙරටට ගෙන්වාගැනීම සඳහා ජාත්‍යන්තර සංක්‍රමණිකයන් සඳහා වූ ආයතනය මැදිහත් වී ක්‍රියාත්මක වී තිබිණි. මොවුන් මියන්මාරයේ සිටContinue Reading

නොමිලේ වීසා පහසුකම යටතේ රටවල් 35ක පුරවැසියන්ට මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. එක්සත් රාජධානිය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 35ක් ඊට අයත්ය. එම අවස්ථාව ලැබෙන්නේ 2024 ඔක්තෝබර් 01 සිට මාස 06ක කාලයක් සඳහාය. වැඩි විස්තර පහතින් දැක්වෙයි.Continue Reading