මෙම වසරේදී මේ දක්වා සහල් සම්බන්ධ මුළු වැටලීම් ප්‍රමාණය 3,000කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම අධිකාරිය පැවසුවේ වැඩි මිලට සහල් අලෙවි කිරීම, සහල් තොග සඟවා තැබීම, පාරිභෝජනයට නුසුදුසු සහල් අලෙවි කිරීම් ඇතුළු සහල් සම්බන්ධ විවිධ ප්‍රමාණයේ වැටලීම් 3,000ක් මේ වන විට සිදුකර ඇති බවය. එමෙන්මContinue Reading

ආසියානු කුසලාන 20යි විස්ස ක්‍රිකට් තරගාවලිය අදින් (09) ආරම්භ වේ. තරගාවලියේ පළමු තරගය ලෙස ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර තරගය අබුඩාබිහි දී අද පැවැත්වේ. මෙම තරගාවලියේ දී කණ්ඩායම් 8ක් කාණ්ඩ දෙකක් යටතේ තරග වැදීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම බී කාණ්ඩය යටතේ තරග වදින අතර ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය සහ හොංකොං එමContinue Reading

වෙඩි තබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2025.06.24  වන දින මිද්දෙනිය පොලිස් වසමේ සමූහ ගොවිපල තේක්කවත්ත පාර ප්‍රදේශයේදී වෙඩිතබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශනය කරමින් සිට ඇති අතර ඊයේ (08) විමර්ශනContinue Reading

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත් කළ රැඳවුම් නියෝගයකට අනුව නඩු විභාගය අවසන් වන තෙක් රඳවා ගැනීමට තීරණය කර ඇතැයි නීතිපතිවරයාContinue Reading

ඇල්ල වැල්ලවාය මාර්ගයේ සිදුවූ අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ. රූපසේන මහතා ඇතුළු එම නගර සභාවේ සේවකයින් 12 දෙනෙකු ද මිය ගොස් ඇත. ඊයේ (04) රාත්‍රීයේ මෙම අනතුර සිදුවී තිබුණි. මෙම අනතුරින් 15 දෙනෙකු මියගිය අතර පොලීසිය සඳහන් කර ඇත්තේ අනතුරින් මිය ගිය සෙසු පිරිස අතර කුඩා දරුවන් දෙදෙනෙකු සහContinue Reading

රත්නපුර ශික්ෂණ රෝහලේ ක්‍රියාත්මක කර තිබූ වෛද්‍ය වැඩ වර්ජනය අත්හිටුවා තිබේ.  රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා එම ධූරයෙන් ඉවත් කර සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කරමින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් ලිපියක් නිකුත් කරනු ලැබීමෙන් අනතුරුව රත්නපුර ශික්ෂණ රෝහලේ  දින 03ක් පැවති වෛද්‍ය වැඩ වර්ජනය අද (04) දහවල් 12 සිට මෙලෙස අත්හිටුවීමට රජයේ වෛද්‍යContinue Reading

වසරකට ළමා පිළිකා රෝගීන් 200 දෙනෙකු පමණ මරණයට පත් වන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම තුළින් මෙම තත්ත්වය අවම කරගත හැකි බවය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා මෙම අදහස් පලContinue Reading

අද (03) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීමට අල්ලස් කොමිසම හමුවට පැමිණි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැය 5කට පමන පසුව නැවතත් බන්ධනාගාරයට රැගෙන ගොස් තිබේ. අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය අගෝස්තු මස 29 වන දා අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතContinue Reading

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීස් ගමගේ මහතා තවදුරටත් ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.  ඒ ඊට අදාළ පැමිණිල්ල අද (02) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේContinue Reading

මීට දින කිහිපයකට ඉහතදී ව්‍යාජ පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගත් ජනප්‍රිය රැප් ගායන ශිල්පී මාධව ප්‍රසාද් නොහොත් ‘මදුවා’ නැමැත්තා පුපුරණ ද්‍රව්‍යය තොගයක් සමඟ නැවතත් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු සමග ජෙලග්නයිට් කූරු 3ක්, ඩෙටනේටර් 5ක් හා ඇමෝනියා නයිට්‍රේට් කිලෝ 3යි ග්‍රෑම් 500ක් පොලිස් භාරගත් බව කහතුඩුව පොලීසිය පවසයි. මෙම සැකකාර රැප්Continue Reading