ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙවන දිනටත් අද (02) දිනයේද උතුරු පළාතේ සංවර්ධන ව්‍යාපෘති රැසක වැඩ ආරම්භ කිරීම ඇතුළු වැඩසටහන් කිහිපයකට එක් වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ලෝක පොල් දින සැමරුමට සමගාමීව “රටම සරු කරයි නිරතුරු – කප්තුරු සවිය” උතුරේ පොල් ත්‍රිකෝණය දියත් කිරීමේ සමාරම්භක අවස්ථාව අද (02)Continue Reading

කොළඹ, කොටුව සිට යාපනය බලා ධාවනය වු දුම්රිය වව්නියාව, දකුණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසළ දුම්රිය හරස් මාර්ගයේදී කුඩා ලොරි රථයක ගැටීමෙන් කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු අද (01) තුවාල ලබා ඇති බව වව්නියාව පොලීසිය පවසයි. වව්නියාව – මන්නාරම ප්‍රධාන මාර්ගය හරහා ස්ථාපිත දුම්රිය ගේට්ටුව ක්‍රියා නොකිරීම හේතුවෙන් දුම්රිය හරස් මාර්ගය ඔස්සේContinue Reading

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා  ලබන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා මෙම නියෝගයContinue Reading

සමාජ මාධ්‍ය තුළ එක් පුද්ගලයෙකු නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් අනාවැකි පලකිරීම තුළ අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අද (23) උදෑසන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීමට නව මැගසින් බන්ධනාගාරය වෙත ගොස් පිටතට පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස්Continue Reading

බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර පැමිණ තිබේ. මේ අතර අද (23) උදෑසන 9.30ට පමණ සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ද මැගසින් බන්ධනාගාරය වෙත පැමිණ තිබුණි.Continue Reading

තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය අද (22) 5 වැනි දිනටත් ක්‍රියාත්මක කෙරේ. එවන් පසුබිමක් තුළ මධ්‍ය තැපැල් හුවමාරුවට පොලිස් ආරක්ෂාව ලබාදී ඇත. මේ අතර වර්ජකයන් පවසන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කරන කොන්දේසිවලට යටත්ව වර්ජනය අවසන් කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා සහභාගි වීම ප්‍රතික්ෂේප කරනContinue Reading

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගොනුකර තිබූ අපේක්ෂිත ඇප ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප කර තිබේ. අදාළ අපේක්ෂිත ඇප ඉල්ලුම් පත්‍රය අද (20) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය හමුවේ කැඳවනු ලැබීය. එහිදී කොටුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර තිබේ.Continue Reading

කඩුවෙල, කොරතොට, තුන්අදහේන ප්‍රදේශයේ මාර්ගයක තිබී ටී – 56 ගිනිඅවි තුනක් සොයාගෙන තිබේ. එම ගිනිඅවි සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නවගමුව පොලීසිය විසින් සිදුකරනු ලබයි.Continue Reading

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ඇසළ මහා පෙරහැර වීථී සංචාරය කිරීම හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. අද (16) රන්දෝලි මහා පෙරහර රාත්‍රී 07.00 සිට අලුයම දක්වා බොරලැස්ගමුව පොලිස් වසමේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානය අවට ප්‍රධාන මාර්ග මූලික කරගෙන වීථි සංචාරය කිරීමට නියමිතය. මෙම පෙරහැරContinue Reading

බීමතින් රිය අනතුරක් සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් පාදුක්ක පොලිස් ස්ථානයේ නිලධාරින්ට බැණ තර්ජනය කළ සීතාවක ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ හිටපු ප්‍රාදේශිය සභා සභිකයාගේ පහරදීමෙන් තුවාල ලැබූ පාදුක්ක පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා මේ වනවිට හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවය. පාදුක්ක මාවත්ගම ප්‍රදේශයේදීContinue Reading