මහ මැතිවරණයේ අත්පත්‍රිකා බෙදමින් සිටි කාන්ති කොඩිකාර මහත්මියට පහරදීමේ සිද්ධියක් වාර්තා වෙයි. මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්වී සිටින උපාලි කොඩිකාර මහතාගේ බිරිඳට වන කාන්ති කොඩිකාර මහත්මිය මෙම ප්‍රහාරයට ලක්වී ඇත්තේ ඊයේ (25) පස්වරුවේ පන්නිපිටිය ප්‍රදේශයේදීය.  සිය සැමියාගේ ඡන්ද ප්‍රචාරණ කටයුතුවලට එක්වී ගෙයින් ගෙට ගොස් සිටියදී ඇයට මෙම ප්‍රහාරය එල්ලවී තිබේ.Continue Reading

තමා සහ ජනාධිපතිවරයා අතර මත ගැටුමක් ඇති බවට අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීමට ඇතැමුන් උත්සාහ ගනිමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. අත්තිඩිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අගමැතිනිය ඒ බව පැවසුවාය. ජාතික ජන බලවේගය මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් සංවිධාන කළ ජන හමුවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අත්තඩියේදී ඊයේContinue Reading

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේට අයත් බව කියන ඩිපෙන්ඩර් රථයක් ඊයේ (25) අනතුරකට ලක්ව තිබේ. වාරියපොළ පොලිස් බල ප්‍රදේශයේ පාදෙනිය අනුරාධපුර මාර්ගයේ දංගහමුල හන්දිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත. අනතුරින් පසු ප්‍රදේශවාසීන් සහ ඩිපෙන්ඩර් රථයේ පැමිණි පිරිස අතර බහින්බස්වීමක් සිදුව ඇති අතර, එහිදී දෙපිරිස අතර ගැටුමක්ද හටගත් බව වාර්තා වේ.Continue Reading

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කාර්මෙන් මොරේනෝ මහතා ප්‍රමුඛ යුරෝපා සංගමයේ නියෝජිත පිරිස අද (25) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා විසින් මෙහිදී යුරෝපා සංගම් නියෝජිත පිරිස දැනුම්වත් කර ඇති අතර, සංචාරකයන්ගේ සහ ශ්‍රී ලාංකික ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහාContinue Reading

බුද්ධියක් සහ තාර්කික මනසක් ඇති පුද්ගලයින් සර්වජන බලය සමග එක්ව ඇති බව සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. සර්වජන බලයේ කොළඹ දිස්ත්‍රික් නායක ව්‍යවසායක උපාලි ජයසේකර මහතාගේ හෝමාගම මැතිවරණ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට ඊයේ (24) සහභාගී වෙමින් ඔහු මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා,Continue Reading

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් ඉදිරිපත්කර ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් රුපියල් මිලියන 21ක සමාගම් කොටස් සාපරාදී පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ ලිඛිත විරෝධතා‍ නොවැම්බර් මස 25 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියෝග කළේය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරුContinue Reading

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය දෙක හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදී ඉන් පිටව ගොස් තිබේ. අද පෙරවරු 09.00ට පමණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණේ ප්‍රකාශයක් ලබාදීම සඳහා තමාව කැඳවා ඇති බව පවසමින්ය.Continue Reading

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (24) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා තමාව කැඳවා ඇති බව පවසමින්. ප්‍රශ්න – ඇයි හදිසියේ කැඳවලා තියෙන්නේ ? “දන්නේ නෑ ගිහින් තමා බලන්න ඕනේ.” කාරණාව දන්නේ නැද්ද ? “කාරණාව දන්නේ නෑ. හොඳයිනේ කැඳවන එක. අපිට තියෙන චෝදනාContinue Reading

අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (23) වරෙන්තුවක් නිකුත් කළේය.  මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරු ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණයේ පෙනී නොසිටියේය.  ඒ අනුව මෙම වරෙන්තුව නිකුත්Continue Reading

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ පසුගියදා හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී BMW මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය. තමා මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට සුදානම් බව ඊයේ (22) හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සියContinue Reading