ලෝක ශුර නවසීලන්තය එංගලන්තය හමුවේ දරුණු පරාජයක් අත්විදියි


සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවති 3 වන ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 7කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 329 ක් රැස් කළ අතර එංගලන්ත කණ්ඩායම ඊට පිළිතුරු ලෙස ලකුණු 360ක් රැස් කළා. 

දෙවනි ඉණිමට නවසීලන්ත කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාව 326ක්. ඒ අනුව දෙවන ඉණිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 296ක් ලබා ගනිමින් තරඟය ජය ගත්තා. 

ජෝ රූට් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 86 ක්. ඔලී පෝප් ලකුණු 82යි. තරගය පැවැත්වුණේ ලීඩ්ස්හිදීයි. 

Leave a Reply

Your email address will not be published.