ජූලි චන්ග් මහත්මිය සහ ජනාධිපතිතුමා අතර අද (30) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති හමුවේදී මේ බව සඳහන් කෙරිණ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට ඇමරිකා එක්සත් ජනපදයේ සහාය ලබා දෙන බව එරටින් පැමිණි ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස සඳහන් කළහ. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා ද අවස්ථා කිහිපයකදී මානුෂීය ආධාර ලබා දීමට පියවර ගනු ලැබී ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව වෙනුවෙන් සහ මානුෂීය ආධාර ලබා දෙමින් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩ්න් මහතා ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය පිළිබඳ ජනාධිපතිතුමා සිය ස්තූතිය පිරිනැමී ය.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් තත්ත්වය පිළිබඳව අවබෝධයෙන් පසුවන බවත් කඩිනමින් රට යථා තත්ත්වයට පත්වනු ඇතැයි තමා විශ්වාසය පළ කරන බවත් ජූලි චන්ග් මහත්මිය ජනාධිපතිතුමා සමඟ සඳහන් කළාය.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක මහතා ද මෙම අවස්ථාවට එක් ව සිටියේය.