විදෙස් සිසුන්ට යළි චීනයට යෑමට අවසර

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් වසර දෙකක් පුරා විදේශිකයන්ට පනවනු ලැබූ ගුවන් තහනම හේතුවෙන් චීනයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටි විදෙස් සිසුන්ට නැවත එරටට යෑමට අවස්ථාව ලැබී තිබේ. ඒ අනුව චීනයේ වැඩිදුරට අධ්‍යාපනය හදාරමින් සිටි ඉන්දීය සිසුන් පිළිබඳ දෙරට අතර සාකච්ඡාවක් පවත්වා ඇතැයි ඉන්ඩියා ටුඩේ පුවත් සේවය වාර්තා කළේය. ඒ සඳහා ඉන්දියාව සහ චීනය අතර සෘජු ගුවන් ගමන් සිදු කිරීම සම්බන්ධවත් සාකච්ඡාවට ලක්වී ඇතැයි වාර්තා වේ. චීනයේ ඉන්දීය තානාපති ප්‍රදීප් කුමාර් සහ චීන විදේශ ඇමැති වෑන්ග් යී අතර පසුගියදා මේ සම්බන්ධව සාකච්ඡා පවත්වා ඇති අතර, ඊට පෙර ඉන්දියාවේ කළ සංචාරයකදී චීන විදේශ ඇමැති ඉන්දීය විදේශ ඇමැති එස් ජයශංකර් සමඟ පැවැති සාකච්ඡාවේදී ද මේ පිළිබඳ අවධානය යොමු කර තිබේ. ඒ අනුව ඉදිරියේදී නැවත සිය අධ්‍යාපන කටයුතු ආරම්භ කිරිමට චීනය බලා යෑමේ අවස්ථාව ඉන්දීය සිසුන්ට ලැබෙනු ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.