ජර්මනියේ ඉන්දීය ඩයස්පෝරාවෙන් අගමැති මෝදිට උණුසුම් පිලිගැනීමක්

ජර්මනියේ මියුනිච් හි පැවැති ජී- 7 සමුළුවට සහභාගීවීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පැමිණීම එරට වෙසෙන ඉන්දීය ඩයස්පෝරාව සිය සතුට පළ කර ඇත.ඉන්දීය ජාතිකයින් ලෙස අපගේ රටේ නායකයාගේ පැමිණීම අපට සිදු කළ ගෞරවයක් යැයි ඔවුහු පවසති.අගමැතිවරයා මියුනිච්හි හෝටලයට පැමිණි විට ඉන්දීය ඩයස්පෝරාව භාරත් මාතා කී ජායි තේමා පාඨය ගායනා කරමින් අගමැතිවරයා පිළිගත්හ.මෙහිදී ඉන්දීය අගමැතිවරයා සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයින් සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීය.මෙවර සමුළුවේදී ගෝලීය කාලගුණය,බලශක්තිය,ආහාර සුරක්ෂිතතාවය,සෞඛ්‍ය,ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇතුළුව විවිධ විෂයයන් සම්බන්ධව සාකච්ඡා පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published.