අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ වෛද්‍යවරයාගේ මළ සිරුර සොයා ගනී

අතුරුදන් වූ බවට වාර්තා වූ බදුල්ල රෝහලේ වෛද්‍යවරයාගේ මළසිරුර මහියංගනය මාපාකඩවැව ප්‍රදේශය අසල ගලක් මත තිබී සොයාගෙන ඇත.

බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු මෙම පුද්ගලයා ඊයේ (23) උදෑසන රාජකාරියේ යෙදී සිටි නමුත් ඉන් පසුව මෙලෙස අතුරුදන්ව තිබේ.

මේ පිළිබඳව සොයා බැලීමේදී වෛද්‍යවරයාගේ මෝටර් රථය මහියංගනය දෙසට ධාවනය වන බව මීගහකිවුල ප්‍රදේශයේ CCTV කැමරාවක සටහන්ව ඇති බවට ද නිරීක්ෂණය වී ඇත.

එහිදී සිදුකරන ලද වැඩිදුර පරීක්ෂාවේදී වෛද්‍යවරයාගේ මෝටර් රථය බදුල්ල – මහියංගනය ඇල මාර්ගයේ 17 කනුව මාපාකඩවැව ප්‍රදේශයේ තිබී ඊයේ රාත්‍රී සොයාගත් බවද පොලීසිය පැවසීය.

ඒ අනුව අතුරුදන් වූ වෛද්‍යවරයා සොයා එම ප්‍රදේශයේ අද (24) දින පොලීසිය, අපරාධ ස්ථාන නිලධාරීන් සහ යුධ හමුදාව එක්ව ඒකාබද්ධ පරීක්ෂාවක් සිදු කළ අතර එහිදී මෙම මළසිරුර සොයාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published.