සජබේ විරෝධය

ඉන්ධන, ගෑස් හිඟය, බඩු මිල ඉහළ යාම, විදුලි කප්පාදුව ඇතුළු ජනතාව මුහුණ දෙන අර්බුදය සහ ජනාධිපති අගමැති එම ධූරවලින් ඉවත් වන්නැයි බල කරමින් සමගි ජන බලවේගය කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ඊ‍යේ(30)ආරම්භ කළ විරෝධතාවය විශාල පිරිසක් සහභාගී වූහ.

“ගෝඨා රනිල් ශාපය අවසන් කරමු” තේමාවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව දුම්රිය පොල අසලින් ඊයේ පස්වරු 3.30 ට පමණ මෙම විරෝධතාවය ආරම්භ කරනු ලැබීය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, වෘත්තීය සමිති නියෝජිතයන්, සමගි වනිතා බලවේගය, සමගි තරුණ බලවේගය ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

පිරිස විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් කොටුව දුම්රිය දුම්රියපොළ ඉදිරිපිටමාර්ගය ඉදිරිපස විරෝධතාවයේ නිරත වූහ.

රටම අකමැති රනිල් අගමැති, ගෝඨා ගෝ හෝම්, ගෝඨා පිස්සෙක්, රනිල් ගෝඨා මේ අහන්න වැඩබැරිනම් ගෙදර යන්න, හොරා හොරා රනිල් හොරා ගෝඨා හොරා, ආදී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් පිරිස විරෝධතාවයේ නිරත වූහ.

විරෝධතාකරුවෝ කළු පැහැති ධජ ප්‍රදර්ශනය කරමින්, ගෑස් සිලින්ඩර රැගෙන, මුලුතැන්ගේ උපකරණ වලට ශබ්ද කරමින් විරෝධතාවයේ නිරත වූහ.

Leave a Reply

Your email address will not be published.