ඉන්දියාවේ දැවැන්ත නාය අනතුරක් – 17ක් මරුට

ඉන්දියාවේ ඊශානදිග ප්‍රදේශයේ සිදු වූ දැවැන්ත නාය අනතුරකින් පුද්ගලයින් 17දෙනෙකු මිය ගොස් තිබේ. තවත් 50කට අධික පිරිසක් අතුරුදන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

නාය අනතුර සිදුව ඇත්තේ ඉන්දියාවේ මනිපූර් හි දුම්රිය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක ප්‍රදේශකය.  දෙසීයකට අධික සහන සේවකයින් පිරිසක් තවමත් සුන්බුන් යට සිරවී සිටින අය බේරා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටියි.

අඛණ්ඩ වර්ෂාව හේතුවෙන් විපතට පත්වූවන් බේරා ගැනීම දුෂ්කර වී ඇතැයි වාර්තා වේ. 

Leave a Reply

Your email address will not be published.