දෙහිවල සතුන් වත්තට අවුරුදු 83යි

දෙහිවල සත්ත්වෝද්‍යානයට වසර 83ක් සපිරෙන ජූලි 03 දා සතුන් රැකබලා ගැනීම සඳහා නව දායකත්ව කැපකරු ක්‍රමයක් ඇරැඹීමට කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර මහතා උපදෙස් දී ඇත.

ඒ අනුව සතුන්ට ආදරය කරන පුද්ගලයන් හා සංවිධාන මෙන්ම ආයතනවලට දෙහිවල සතුන් වත්තේ සිටින සතුන් තෝරාගෙන ඔවුන් රැක බලා ගැනීමේ දායකත්ව කැපකරු වැඩසටහනට සහයෝගය පළ කළ හැකි බව ඇමැතිවරයා කියයි.

1936දී ආරම්භ වූ දෙහිවල සතුන් වත්ත ඉන් පෙර 1920දී පෞද්ගලික ආයතනයක් වශයෙන් John Hegenbeck නමැත්තා විසින් අරඹන ලදි. වාර්තා අනුව දෙහිවල සතුන් වත්ත තුළ ක්ෂීරපායි සත්ත්ව විශේෂ 100ක්, පක්ෂි විශේෂ 110ක්, මත්ස්‍ය විශේෂ 65ක්, උරග විශේෂ 34ක්, උභයජීවි විශේෂ 3ක්, සමනල් විශේෂ 30ක් හා සාගර ජීවි විශේෂ 10ක් ද සිටිති.

දැනට පවතින ආහාර සහ ආර්ථික අර්බුදය හේතුවෙන් දෙහිවල සතුන් වත්තේ සතුන් රැක බලා ගැනීම සඳහා ගැටලු සහගත තත්ත්වයක් මතුව ඇති බවට සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් රජය විසින් මේ වසරේ ඉදිරි මාස 5 සඳහා සත්ත්ව ආහාර සැපයීමට රුපියල් මිලියන 20ක මුදලක් වෙන් කෙරිණි.

Leave a Reply

Your email address will not be published.