වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ට රතු නිවේදනයක්

වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයට වාර්තා නොකළහොත් වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සේවය අතහැර ගියා සේ සලකා ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

අද (02) මේ සම්බන්ධයෙන් වෘත්තිය සමිති වෙත ලිඛිතව දැනුම් දීමට කටයුතු කරන බව තැපැල්පතිවරයා සඳහන් කළේය.

රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පමණක් දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල විවෘත කිරීමට පසුගියදා තීරණය කර තිබුණි.

ඊට විරෝධය පළකරමින් පසුගිය 26 වනදා සිට තැපැල් වෘත්තිය සමිති වර්ජනයක් ආරම්භ කර තිබේ.

මේ හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ විදේශ අංශයේ තැපැල්මලු සැලකිය යුතු ප්‍රමාණයක් ගොඩගැසී පැවතීමෙන් තැපැල් දෙපාර්තමේන්තුවට කෝටි දෙකකට අධික අලාභයක් සිදුව ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.