උද්ධමනය ඉහළ ගියත් ඉන්දුනීසියාවේ මහබැංකුවෙන් දැඩි තීන්දුවක්

වසර 5ක් ඇතුළත පසුගිය මාසයේ ඉන්දුනීසියාවේ පාරිභෝගික මිල ගණන් වේගයෙන් ඉහළ ගිය ද, පොලී අනුපාතිකය ඉහළ දැමීමට ඉක්මන් නොවන බව එරට මහ බැංකුවේ අධිපති පෙරී වරිජියෝ ප්‍රකාශ කර ඇත. රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ජුනි මාසයේදී එරට ආහාර මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බවය.

ජුනි මාසය වන විට එරට වාර්ෂික උද්ධමනය 4.35% දක්වා ඉහළ ගොස් ඇති අතර, එවැනි වර්ධනයක් පෙන්නුම් කර ඇත්තේ 2017 වසරෙන් පසුවය. එරට දත්ත වාර්තා මඟින් පෙන්නුම් කෙරෙන ආකාරයට උද්ධමනය ඉහළ යෑමට හේතු වී ඇත්තේ මිරිස්, බිත්තර, බී ලූනු සහ ප්‍රවාහන ගාස්තු ඉහළ යෑමය. කෙසේ වෙතත් ගෝලීය වෙළෙඳපොළේ තිරිඟු, සීනි හා සෝයා මිල ඉහළ යෑම ද සීමිත බලපැමක් එල්ල කර ඇතැයි ඉන්දුනීසියාවේ සංඛ්‍යා ලේඛන ඒජන්සියේ ප්‍රධානි මාර්ගෝ යුවොනෝ සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published.