ජ්‍යෙෂ්ඨ නීතීඥ ගෝමින් දයා ශ්‍රී කළුරියකරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයෙකු මෙන්ම මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම නීතීඥවරයෙකු වූ ගෝමින් දයා ශ්‍රී අද (02) උදේ අභාවප්‍රාප්ත වී තිබේ.

ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සම්බන්ධයෙන් ගැටළු පැණනැගුණු තීරණාත්මක අවස්ථාවලදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී අධිකරණ ක්‍රියාමාර්ගවලදී මෙන්ම එයින් බාහිරවද ඔහු විශාල කාර්යභාර්යයක් ඉටුකර තිබිණි. විශේෂයෙන්ම 1987 ජූලි මස ජේ.ආර් ජයවර්ධන ශ්‍රී ලංකා ජනාධිපති සහ රජිව් ගාන්දු ඉන්දීය අගමැතිවරයා අතර අත්සන් කරන ලද ඉන්දු ලංකා ගිවිසුමෙන් උතුරු නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කිරීම, ජනතා විමුක්ති පෙරමුණ විසින් ශ්‍රේස්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමේදී ජ්‍යෙෂ්ට නීතිඥයෙකු වශයෙන් ගෝමින් දයා ශ්‍රී විශාල කාර්යභාර්යයක් සිදු කර තිබිණි.

අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්, එම පළාත් දෙක ඒකාබද්ධ කිරම නීති විරෝධී යයිද එය නැවත උතුර සහ නැගෙනහිර වශයෙන් වෙන් කළ යුතු යැයිද තීරණය කරනු ලැබීය. මෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ රටේ ඒකීයභාවය සම්බන්ධ ත්‍රීරණාත්මක අවස්ථා ගණනාවකදී ඔහුගේ දායකත්වය පිරිනමා තිබිණි.

ඒ මහතාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීහු පවසති.

Leave a Reply

Your email address will not be published.