විදුලි බලාගාරවලට අවශ්‍ය දැවි තෙල් අඩුවෙයි

පවතින අර්බුදකාරි තත්ත්වය හමුවේ විදුලි බලාගාරවලට අවශ්‍ය දැවිතෙල් ප්‍රමාණය අඩු වෙමින් පවතින බව විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව කැළණිතිස්ස බලාගාරයේ විදුලිය නිෂ්පාදනය කරන කම්බයින් සර්කල් යන්ත්‍රයට එක් දිනකට පමණක් ඉන්ධන පවතින බවයි එම සංගමය අනාවරණ කළේ.

සපුගස්කන්ද බලාගාරයේ යන්ත්‍ර දෙකකට දින 4කට පමණ දැවි තෙල් පවතින අතර, වෙස්ට්කොස්ට් බලාගාරයේ පවතින්නේ දිනකට අවශ්‍ය දැවිතෙල් සංචිත පමණක් බව ද විදුලි ඉංජිනේරු සංගමය කියා සිටියා.

කෙසේ වෙතත් ඒ සඳහා දැවිතෙල් ලබාදීම සිදු කෙරෙනවා.සොජිස්ට් බලාගාරය හා උතුරු ජනනී බලාගාරය ඉන්ධන නොමැති වීම හේතුවෙන් තාවකාලිකව නවතා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.