විදුලියට IOC ඩීසල් ටොන් 7,000ක්

විදුලි ජනනය සඳහා ඩීසල් මෙ.ටො. 7,000ක් දීමට ලංකා අයි.ඕ.සී. සමාගම එකඟතාව පළ කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය එම ඩීසල් තොගය මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සූදානම් කරමින් සිටින බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසා ඇත.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සහ ලංකා අයි.ඕ.සී. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා අතර පැවති හමුවකදී මේ එකඟතාව ඇතිව තිබේ.

Leave a Reply

Your email address will not be published.