පාඨලීගෙන් පොහොට්ටු මන්ත්‍රීවරුන්ට ආරාධනාවක්

රටේ පාලනයේ තව දුරටත් රුදී සිටීමට රාජපක්ෂ පවුලට යුක්ති යුක්තිභාවයක් නොමැති බව පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

අධිකරණ ඇමතිවරයා ඉදිරිපත් කර ඇති 22 වන සංශෝධනය හැකි ඉක්මනින් ප්‍රශස්ථ මට්ටමින් සම්මතර කර ගත යුතුව තිබෙනවා.එය අප බලාපොරොත්තු වු 19 වන සංශෝදණය නොවෙයි.ඊට වඩා දියාරු කරපු ගෝඨාභය රාජපක්ෂට යම් යම් බලතල ලබා දීපු සංශෝදණයක්.එනිසා එයට වැදගත් කරුණු එකතු කොට පාර්ලිමේන්තුව තුල නීතිකටයුතු අවසන්වු පසු අධිකරණයෙන් ප්‍රශස්ථ මට්ටමින් 22 වන සම්මත කොට පාර්ලිමේන්තුව හා ජනාධිපතිධුරය අතර තිබෙන බළතුලණය ශක්තිමත් කොට ස්වාධීන අධිකරණයක්,ස්වාධීන පොලිසියක්,ස්වාධීන මැතිවරණ කොමිසමක්,ස්වාධීන රාජ්‍ය සේවයක්,ස්වාධීන ප්‍රශම්පාදන ක්‍රියාවලියක් මෙන්ම ස්වාධීන විගනණ කොමිසමක් ස්ථාපිත කොට මේ රට ඉදිරියට ගෙන යාමට හැකි වැඩපිළිවෙල හැකි ඉක්මනින් ගැනීමට පක්ෂ පාට භේදයෙන් තොරව බැසිල් රාජපක්ෂයේ කකුලෙන් ඇදිලි පරාජය කරල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ මන්ත්‍රීවරුන්ටත් තමන් ආරාධනා කරන බව ඒ මහතා අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

Leave a Reply

Your email address will not be published.