බෝට්ටුවෙන් රටින් යන්න හැදූ පිරිසක් නාවික හමුදා භාරයට

අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ පුද්ගලයින් 51දෙනෙක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ අද (03) අලුයම සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමග මෙම පිරිස සොයාගෙන ඇත.

ත්‍රීකුණාමලයට නැගෙනහිරින් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් පරීක්ෂාවට ලක්කර තිබේ.

එහිදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සිටි නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් හය දෙනෙකු ඇතුළුව පිරිමි පුද්ගලයන් 41ක්, කාත්තාවන් 05ක් සහ ළමුන් 05 ක් එම බහුදින ධීවර යාත්‍රාව සමග නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

ඒ අනුව, වයස අවුරුදු 05 ත් 56 ත් අතර වයසේ පසුවන නාවික හමුදාව භාරයට ගත් සැකකරුවන් පිරිස, යාපනය, වව්නියාව, ත්‍රීකුණාමලයට, මඩකලපුව, අම්පාර, ගම්පහ සහ රත්නපුර යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published.