රට මහා භයානක තත්වයකට තල්ලුවෙමින් පවතිනවා

ජනතාවගේ මුලික ප්‍රශ්න විසදීම සදහා ආණ්ඩුව කිසිදු උත්සාහයක් ගන්නා බවක් පෙන්නුම් කරනු නොලබන බවත්,එබැවින් රට එක තැන පල්වීමකට ලක්වනවා මෙන්ම මහා භයානක තත්වයකට තල්ලුවෙමින් පවතින බව සමගි ජන බළවේගයේ පා.ම. තිස්ස අත්තනායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

එහිදී අදහස් දැක්වු ඒ මහතා,

අගමැතිවරයා බලාපොරොත්තු වු වෙනස ක්‍රියාත්මක වෙන්නේ නැහැ.මේ නිසා රට යන්නේ භයානක ආගාධයකට.මෙය විසදා නොගතහොත් රට ලොකු අනතුරකට පත්වනවා.රටේ ජනතාව කියනවා මුලික ප්‍රශ්නටික විසදීමට ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් අසමත්.ඒ අසමත්වීම නිසා ඔවුන් වහාම ඉවත්විය යුතුයි කියල ජනතාව පෙන්නල දීල තිබෙනවා.ආණ්ඩුවෙ තනතුරු අරන් මේ ප්‍රශ්නය විසදන්න බෑ.සමගි ජන බලවේගයේ ස්ථාවරය මේ වන විට ජනාධිපතිවරයා ඉවත් වියු යුතුයි කියන එකයි.ජනාධිපතිවරයා ඉවත්වන්නේ නම් සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න අපි එකඟයි.එම සර්වපාක්ෂික ආණ්ඩුව සීමිත කාලයකට,නියමිත සැළසුමකට සහ ඉන් අනතුරුව මැතිවරණයකට ගිහිල්ල මහජන බලයෙන් නව ආණ්ඩුවක් තොරා ගැනීම තමයි අපේ විකල්පය.

Leave a Reply

Your email address will not be published.