විදෙස් ආයෝජකයින්ට පස් අවුරුදු නේවාසික වීසා ලබාදීමේ වැඩසටනක්

සා බලපත්‍ර ලබාගැනීම වෙනුවෙන් සෑම වසරකම දීර්ඝ ලිපි ලේඛන ක්‍රියාවලියකට ආයෝජකයන්ට මුහුණදීමට සිදුවීම අතිශයින්ම පීඩාකාරී සහ වෙහෙසකර ක්‍රියාවලියක් වූ බව ආයෝජන ප්‍රවර්ධන ඇමැති ධම්මික පෙරේරා මහතා පැවසීය.

විදෙස් ආයෝජකයන්, පාර්ශවකරුවන් සඳහා පස් අවුරුදු නේවාසික වීසා ලබාදීමේ වැඩසටහනකට පසුගිය (01) වැනිදා ශ්‍රී ලකා ආයෝජන මණ්ඩල ශ්‍රවණාගාරයේ දී එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ආයෝජකයන් මුහුණ පෑ ඒ දීර්ඝ ක්‍රියාවළිය අවම කරමින් බාධාවකින් තොරව පහසු සේවාවක් සැපයීමේ මූූලික අවශ්‍යතාවය සපූරාලීමට හැකිවනු ඇතැයි පෙරේරා මහතා කියා සිටියේය.

ආයෝජකයන්ගේ සිනාමුසු මුහුණු මෙම නව වීසා ක්‍රමවේදයේ සාර්ථකත්වය  පිළිබිඹු කරන බවත් එය තමන්ගේ රාජකාරීක් ලෙස දකින බවත් ඒ මහතා කීවේය.

තමන් ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ ආසියාවේ හොඳම ආයෝජන ප්‍රවර්ධන ආයතනය ලෙසට ශ්‍රී ලංකා ආයෝජනය මණ්ඩලය පත් කිරීමට හැකි වූ බව පැවැසූ ඒ මහතා එදා ආරම්භ කළ ක්‍රියාවළිය තව තවත් ශක්තිමත් කරමින් ඉදිරියේ දී  ආකර්ෂණීය වැඩසටහන් රැසක් දියත් කිරීමට පියවර ගන්නා බව පැවසීය.

ඊට අමතරව ආයෝජන මණ්ඩලය හා ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා තවත් විශාල වෙනස් වීම් ඉදිරියේ දී සිදු වනු ඇතැයි  ධම්මික පෙරේරා මහතා  අවධාරණය කළේය.

 ආයෝජන මණ්ඩලීය අධ්‍යක්ෂ ජනරාල් රේණුකා  එම් වීරකෝන් මහත්මිය.

මෙම අසීරු අවස්ථාවේ අප සමඟ රැදී සිටිමින් ලාංකීය අපනයන ආදායමෙන් සියයට 65ක දායකත්වයක් ලබාදෙන ආයෝජක ප්‍රජාවට සිය කෘතඥතාවය පළකර සිටිනවා. නව වැඩසටහන මඟින් වීසා අයදුම්පත් ක්‍රියාවලිය මාර්ගත ක්‍රමය ඔස්සේ ළඟා විය හැකියි.  ආරක්ෂක අමාත්‍යාංශය ඔස්සේ ලබා දෙන අනුමැතින්ද  මාර්ගගත ක්‍රමය ඔස්සේම ලබා ගත හැකියි. මෙම ක්‍රියාදාමය ආගමන විගමන දෙපාර්තමේන්තුව සමගද සමගාමීව ක්‍රියාත්මක කරලීමට අපේක්ෂිතයි.

ජාත්‍යන්තර ප්‍රමීතින්ට අනුව ආයෝජකයන් සඳහා දීර්ඝකාලීන විසා නිකුත්කිරීම සමාන්‍ය ක්‍රමවේදය වන අතර  ව්‍යාපාර කිරීමේ පහසුව සම්බන්ධයෙන් (Ease of Doing Businesses) ජාත්‍යන්තර මිනුම් දඩුවලට සමගාමීව ආයෝජක ප්‍රජාව ආකර්ෂණය කර ගැනීමේ අභිප්‍රාය මුල්කර ගනිමින් ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.  දිගුකාලීන වීසා ලබාදිම තුළින් ආයෝජකයන් තෘප්තිමත් කර වැඩි ආයෝජන අවස්ථාවන් උදා කර ගැනිම මින් අපේක්ෂා කෙරේ.

ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය වාර්ෂිකව විදෙස් ආයෝජකයන්ට, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයට සහ යැපෙන්නන්ට  වීසා බලපත්‍ර 7500- 8000 අතර ප්‍රමාණයක් නිකුත් කරනු ලැබේ. පසුගිය වසරේ සංඛ්‍යා ලේඛන අනුව ඉන්දියාව, එක්සත් රාජධානිය, ජපානය, කොරියාව, මැලේසියාව සහ පකිස්ථානය වැනි රටවල් 109 ක විදෙස් ආයෝජකයන්  සඳහා විසා බලපත්‍ර ලබාදීම සිදු කොට ඇත.

Leave a Reply

Your email address will not be published.