යූරියා මිටියක් රු. 10,000 කට ගොවීන්ට

ඉන්දීය රජය විසින් දෙන යූරියා පොහොර මිටියක් රුපියල් 10,000ක සහන මුදලකට ලබන සතියේ සිට සියලුම වී ගොවීන්ට දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ඊයේ (03) පවසා ඇත.

මේ වන විට යූරියා පෙහොර මිටියක් රුපියල් 42,000ක් වැනි මුදලකට වෙළෙඳපොලේ අලෙවි කළද ඉන්දියාවෙන් ලැබෙන මෙම පොහොර තොගය ගොවිජන නියෝජිතයන්ගේ එකඟතාවද මත රුපියල් 10,000ක් වැනි සහන මිලකට දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇති බවත් ඇමැතිවරයා කීය. එමෙන්ම ප්‍රදේශ රැසක ගොවිජනතාව මෙම මිලට යූරියා පෙහොර මිටියක් දීම සිදු කරන ලෙස ලිපි මගින් ද තමන්ගෙන් ඉල්ලා සිටි බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය. බාල පෙහොර මෙරට ගොවීනට දීමට යන බවට ඇතැම් පිරිස් කටකතා පැතිරවුවද මෙම පොහොර තොගය විශේෂඥ කමිටුවක් මගින් පරික්ෂා කර බාල පෙහොර නොවන බවට සහතික කළ බවත් මේ ප්‍රචාර ගෙන යන්නේ අහිංසක ගොවීන් ගසා කන පොහොර ජාවාරම්කරුවන් බවත් ඒ් මහතා පෙන්වා දී ඇත.

යූරියා පෙහොර මෙට්‍රික් ටොන් 65,000ක පළමු තොගය රැගත් නැව මේ වන විට SouOMAN වරායෙන් ශ්‍රී ලංකාව බලා ගමන් අරඹා ඇතැයිද පැවැසූ ඇමැතිවරයා ඒම තොග මෙම 08 දා රාත්‍රියේ අප රටට ලඟා වනු ඇති බවත්, ආපදාවකින් තොරව නිසි පරිදි ඒම නෞකාව ශ්‍රී ලංකාවට ළඟා වූ යේ නම් 10 දා පමන වන විට ගොවීන් වෙත මේ තොග බොදා හැරීම් කටයුතු සිදු කිරීමට හැකිවනු ඇතැයිද අමරවීර මහතා විශ්වාසය පළ කළේය. ඉන්දීය රජය විසින් ලබා දෙන මෙම යුරියා පොහොර හෙක්ටෙයාර් 01කට කිලෝග්‍රෑම් 100ක් වන සේ ලබා දීමට ද පියවර ගන්නා බවද අමරවීර මහතා පැවැසීය. ඉන්දීය රජය මගින් අප රටට දෙන මෙට්‍රික් ටොන් 65,000ක සම්පූර්ණ පොහොර තොගයෙන් මෙට්‍රික් ටොන් 50,000ක් වී ගොවීන්ටත්, මෙට්‍රික් ටොන් 10,000ක් බඩ ඉරිඟු ගොවින්ටත්, ඉතිරි යූරියා පොහොර මෙට්‍රික් ටොන් 5,000 තේ වගාව සඳහාත් දීමට සැලසුම්කර ඇති බව ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published.