ජූලි-අගෝස්තු දෙමසට ඉන්ධන නැව් 10ක්

  • ජූලි 8 හෝ 9 ඩීසල් නැවක්
  • තවත් ඩීසල් නැවක් ජූලි 11-14 අතර
  • පළමු පෙට්‍රල් නැව ජූලි 22 හෝ 23
  • මැලේසියාවෙන් භූමිතෙල් ටොන් 10,000ක්
  • ටොන් 135,000ක බොරතෙල් නැවක් ජූලි 15 එයි

ඉදිරියේ දී මෙරටට ඉන්ධන නෞකා 10ක් පැමිණීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ (3) පැවැති මාධ්‍ය හමුවේ දී හෙළි කර ඇත.

ඒ අනුව සිදුකර ඇති ඇණවුම් අනුව මෙරටට පැමිණෙන ප්‍රථම මෙ.ටො. 40,000ක් රැගත් ඩීසල් නෞකාව ජූලි මස 8 හෝ 9 දින මෙරටට පැමිණෙනු ඇත. කොරල් එනර්ජි සමාගමෙන් මිලදී ගන්නා මෙම ඉන්ධන නෞකාව ජූලි 5 වැනිදා ඉන්දියාවේ සිට මෙරට බලා පිටත්වීමට නියමිතය.

මෙම ඉන්ධන තොගය වෙනුවෙන් ඩොලර් මිලියන 66.5ක් නෞකාව ඉන්ධන සාම්පල පරීක්ෂාවන් සමත්වීමෙන් පසු ගෙවීමට නියමිතය.

ඛනිජ තෙල් සංස්ථාව විටෝල් සමාගමෙන් ඇණවුම් කළ ඩීසල් මෙ.ටො. 40,000ක් රැගත් තවත් නෞකාවක් ජූලි මස 11ත් 14ත් අතර මෙරටට පැමිණීමට නියමිතය.

මෙම ඉන්ධන තොගය වෙනුවෙන් පසුගිය 30 වෙනිදා අත්තිකාරම් ලෙස ඩොලර් මිලියන 28ක මුදලක් එම සමාගමට ගෙවා තිබේ. තවත් ඩොලර් මිලියන 49ක මුදලක් ජූලි 8 වෙනිදා තැන්පත් කළ යුතුව ඇත.

ශ්‍රී ලංකා රජය ඉන්දියානු රජයෙන් කළ ඉල්ලීම මත ඉන්දියානු ඔයිල් සමාගම හරහා නැව් 5ක් ගෙන ඒමට එම සමාගම එකඟතාව පළ කර තිබෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

ජූලි 15-17 අතර අයි.ඕ.සී. සමාගමෙන් ඇණවුම් කළ තවත් ඩීසල් නෞකාවක් ළඟ වීමට නියමිතය. මෙම නෞකාව සඳහා පෙර ගෙවීම කරන ලෙස එම සමාගම ඉල්ලා ඇත.

එම ඉල්ලීම් මත අයි.ඕ.සී. සමාගම ගෙන්

ප්‍රථම පෙට්‍රල් නෞකාව ලබන ජූලි 22ත් 23ත් අතර මෙරටට පැමිණීමට නියමිතය. මෙම නෞකාවට අත්තිකාරම් ලෙස ඩො.මි. 19.95ක් පසුගිය 30 වෙනිදා ගෙවා තිබේ. තවත් ඩො.මි. 19.95ක් ජූලි 8 වැනිදා මෙම නෞකාව වෙනුවෙන් ගෙවීමට නියමිතය.

මැලේසියාවෙන් කරන ලද ඉල්ලීමක් මත පෙට්‍රල් සහ භූමිතෙල් ලබා ගැනීමට සුබවාදී පිළිතුරු ලැබී තිබෙන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

ඒ අනුව මෙ.ටො. 50,000ක පෙට්‍රල් සහ මෙ.ටො. 10,000ක භූමිතෙල් නෞකාවක් ලබා දීමට අනුමැතිය එරට රජයෙන් ලැබී තිබෙන බව ද වාර්තා වී ඇති බව අමාත්‍යවරයා එහිදී පැවැසීය. මෙම පෙට්‍රල් නෞකාව ලබන 10 හෝ 11 දින ලබා ගැනීමට උත්සාහ කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

කොරල් සමාගමෙන් ඇණවුම් කළ මෙ.ටො. 35,000 ක දැවි තෙල් නැවක් ජූලි 10 හෝ 11 මෙරටට ළඟා වීමට නියමිතය. ඩො.මි. 36 ක මුදලක් මෙරටට පැමිණීමෙන් පසු ගෙවිය යුතු වේ.

මීට අමතරව බොර තෙල් නෞකාවක් එම සමාගමෙන් ද තහවුරු කර තිබේ. ජූනිමස 3 පැමිණීමට තිබූ මෙම බොර තෙල් නෞකාව ජූලි 15 දා මෙරටට ළඟ වීමට නියමිතය. මෙය මෙ.ටො. 135,000ක නෞකාවක් වීම ද විශේෂත්වයකි.

අගෝස්තු 12 වැනිදා තවත් බොර තෙල් නෞකාවක් පැමිණීම සනාථ කර තිබේ.

මීට අමතරව තවමත් තොරතුරු ස්ථිර නොකළ ඩීසල් නෞකාවක් සහ පෙට්‍රල් නෞකා දෙකක් ඉන්දියානු ඔයිල්සමාගමෙන් ලබා ගැනීමට හැකි වෙතැයි බලාපොරොත්තු තබා ගෙන සිටියි.

ඉහත පරිදි නෞකා පැමිණීම සිදුවුවහොත් ඉන්දියානු අයි.ඕ.සී. සමාගමෙන් ඉහත ඩීසල් නෞකාව සහ පෙට්‍රල් නෞකා දෙක අගෝස්තු මාසයේ 10 වැනිදායින් පසුව ලබා ගැනීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා තවදුරටත් පැවැසීය.

ඇණවුම් කළ ඉන්ධන වෙනුවෙන් ගිය සතිය තුළ ලංකා අයි.ඕ.සී. සමාගමට ඇ.ඩො.මි. 11ක්, විටෝල් සමාගමට ඩො.මි. 28, අයි.ඕ.සී. සමාගම 19.95 ද ගෙවා තිබේ.

ඉන්ධන ඇණවුම් වෙනුවෙන් අද (4) අයි.ඕ.සී. සමාගමට ඇ.ඩො.මි. 34ක් ද මැලේසියානු සමාගමට ඇ.ඩො. මි. 76 ඇතුළුව ඇ.ඩො.මි. 111ක් ද ගෙවීමට නියමිතය.

ජූලි 6 වැනිදාට අයි.ඕ.සී. සමාගමට ඩො.බි. 34ක් ද, ජූලි 8 වැනිදා අයි.ඕ.සී. සමාගමට ඩො.බි. 19.95ක්ද, විටෝල් සමාගමට ඩො.බි. 49.45ක් ද, කොරල් සමාගමට ඩො.බි. 66.53ක්ද ගෙවීමට නියමිතය.

තවද ජූලි 10 වැනිදා කොරල් සමාගමේ දැවි තෙල් නෞකාවට ඩො.බි. 36.43ක් ද, ජූලි 15 දා බොර තෙල් නෞකාව සඳහා ඩො.බි. 82ක් ද ගෙවීම නියමිතය.

මීට අමතරව අයි.ඕ.සී. සමාගමෙන් ලබා ගැනීමට නියමිත ඩීසල් නෞකාවට ඩො.බි. 67කුත් පෙට්‍රල් නෞකාවකට ඩො.බි. 61 බැගින් නෞකා ඩො.බි. 122කුත් ගෙවීම තිබේ.

මේ සියලු ඉන්ධන නෞකා සඳහා ඇ.ඩො. මිලියන 587ක වියදමක් දැරීමට සිදුව ඇත.

Leave a Reply

Your email address will not be published.