පාතාලයේ ඇල්පිටියේ ජෝසප් පොලිස් වෙඩි පහරින් මරුට

කොළඹ බැස්ටියන් මාවතේ දී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස ක්‍රියාකළ පුද්ගලයා ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේදී පොලිස් වෙඩිපහරින් මිය ගොස් තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කර සිටියේ, මියගිය පුද්ගලයා ඉහළ විතානගේ ජෝසප් කුමාර නැමති 41 හැවිරිදි තවලම,දර්ගා නගරය සහ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවය.

මියගිය වෙඩිකරු ගම්පහ ප්‍රදේශයේ සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාශයට ලද තොරතුරක් අනුව අද (04) අලුයම එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබේ.

එම අවස්ථාවේ දී සැකකරු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පොලීසියට හමුවී ඇති අතර ඒ සමඟම සැකකරු සඟවාගෙන සිටි ටී 56 ගිනි අවියෙන් පොලීසිය ගමන්ගත් ගමන් ගත් වෑන් රථයට වෙඩි තබා ඇත.

පෙරළා පොලීසිය සිදුකළ ප්‍රහාරයේදී සැකකරු බරපතළ තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මියගිය පුද්ගලයා ගණේමුල්ල සංජීව නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙක් වන අතර, සංවිධානාත්මක අපරාධකරුවෙකු ද වන බව පොලීසිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.