අගමැති ධුරය අනුරට දෙන්න රනිල් ජනපතිගෙන් ඉල්ලයි

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායකට රට හදන්නට හැකිනම් තමා ඉවත් වී ඔහුට අග්‍රාමාත්‍ය ධුරයේ දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

“ඇමැති මණ්ඩලයත් ඉවත්වී අනුර දිසානායක මහතා අගමැති ධුරයට පත්කරන ලෙස මා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. පාරට බැහැලා පෙළපාළි යන්නට වුවමනා නැහැ. කිසිම පෙළපාලියක් උවමනා වන්නේ නැහැ. අපට කරන්නට තිබෙන්නේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පාර්ලිමේන්තුව රැස්වී අපි මේ වැඩසටහන වාද විවාද කිරීමයි” යනුවෙන් අගමැතිවරයා අද (05) පාර්ලිමේන්තුවේ දී කියා සිටියා.

Leave a Reply

Your email address will not be published.