අනුර, සජිත්, මෛත්‍රී එක වල්ලේ පොල්

අනුර, සජිත්, මෛත්‍රී යන තිදෙනාම එක  වල්ලේ පොල් බවත් ඉතිහාසයේ  කිසි විටෙක  සමත් නොවූ මෙම තිදෙනාගෙන් එක් අයෙකුටවත් අරගලයේ යෙදෙන ජනතාව කැමති නැති බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.

පිහිටුවන බව කියන සර්ව පාක්ෂික ආණ්ඩුවේ සජිත් අගමැති කිරීමට අනුර සහ මෛත්‍රි කැමතිද, අනුර අගමැති කිරීමට සජිත් සහ මෛත්‍රී කැමතිද හෝ මෛත්‍රි අගමැති කිරීමට සජිත් සහ අනුර කැමතිද යන්න ඔවුන් තිදෙනා හෙළි කළ යුතු බව ද එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා කීය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් රංගෙ බණ්ඩාර මහතා පවසන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදීමට මෙම 9 වැනිදා පාරට බහින බව කියන මේ කණ්ඩායම  එසේ හදන ආණ්ඩුවේ අගමැති කවුරුන්දැයි  ජනතාවට කිව යුතු බවයි.

එසේම එම සර්ව පාක්ෂික ආණ්ඩුවේ වැඩ පිළිවෙල කුමක්දැයි ඔවුන් රටට හෙළි කළ යුතු බව කී එජාප මහලේකම්වරයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩ පිළිවෙල වනුයේ මුලින්ම ආර්ථිකය ගොඩ ගෙන ඉන් පසු සියළු දෙනාගේ කැමැත්තෙන් දේශපාලන ප්‍රශ්නය විසඳීම සඳහා පාර්ලිමේන්තුවේ  වැඩපිළිවෙල සකස් කිරීම බවයි.

Leave a Reply

Your email address will not be published.