අර්බුදයට මුහුණ දීමට ශ්‍රී ලංකාවට උදව් කරනවා – ඉන්දියාව කියයි

ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකාවට උදව් කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා පවසයි.

දකුණු ආසියාව කෙරෙහි ඉන්දියාව විශාල අවධානයක් යොමු කරන බව ජයශංකර් මහතා සදහන් කරයි.

දිල්ලියේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඉන්දියාව දැන් සමස්ත අසල්වැසි ප්‍රදේශයම ඔසවා තැබිය හැකි එසවුම් රැල්ලක් ලෙස සලකන බවයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, දිල්ලි විශ්වවිද්‍යාලයේ පැවති Modi@20: Dreams Meet Delivery’ නම් ග්‍රන්ථය පිළිබඳ සාකච්ඡාවකදී බව ‘ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා‘ වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published.