අද කාර්යාල දුම්රිය රැසක් අවලංගුයි

ඉන්ධන අර්බුදය හමුවේ අද(06) දිනයේ දුම්රිය ධාවනය සීමා කිරීමට සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. 

දුම්රිය සේවකයින් ට රාජකාරි සඳහා වාර්තා කිරීමට අපහසු වීම හේතුවෙන් අද පෙරවරුවේ කාර්‍යාල දුම් රිය  48න් 22ක් පමණක් ධාවනය වනබව සදහන් කෙරේ.

ඊයේ පස්වරුවේ ද දුම්රිය ධාවනාගාර සේවකයින් ඉන්ධන ගැටලුව මුල්කර්ගනිමින් වර්ජනයක් ආරම්භ කළ අතර දුම්රිය ධාවනයට ඉන් දැඩි බාධා එල්ල විය.

Leave a Reply

Your email address will not be published.