සිඩ්නි නගරයේ 50,000කට අධික පිරිසක් ඉවතට

ඕස්ට්‍රේලියාවේ අධික ජල ගැලීම් සහ ගංවතුර හේතුවෙන් සිඩ්නි නගරයේ පදිංචි 50,000කට අධික පිරිසක් එම ස්ථානවලින් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

ඕස්ට්‍රේලියාවේ විශාලතම නගරයවන සිඩ්නි නගරයට ජල ගැනීම්වලින් බලපෑම් එල්ල වූ තෙවැවනි අවස්ථාව මෙයයි. 

නගරයේ ඇතැම් ප්‍රදේශවලට මාස 08කදී පමණ ලැබෙන වර්ෂාපතනයක් දින 04ක් තුළ ලැබී ඇතැයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. 

මාර්ග රැසකට හානි සිදුව ඇති අතර නිවාස රැසක් ජලයෙන් යටව පවතී. ඇතැම් ප්‍රදේශවලට විදුලිය ද විසන්ධි වී තිබේ. 

මේ අතර එරට ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම් තවදුරටත් ඉහළ යන බැවින්  තවත් ප්‍රදේශ 50ක ජනතාව එම ස්ථානවලින් ඉවත් කිරීමට සූදානමින් සිටියි. 

Leave a Reply

Your email address will not be published.