ඉන්ධන මිල ඉහළ දැමීමේ විරෝධයට සහාය දක්වමින් වසර 25කට පසු බ්‍රිතාන්‍යයට දුම්රිය රියදුරන්ගේ වැඩ වර්ජනයක්

බ්‍රිතාන්‍ය රජය ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් උද්ගත වී ඇති ජනතා විරෝධතාවන්ට අමතරව වසර 25කට පසු පළමුවරට එරට ජාතික දුම්රිය රියදුරන් ද දැවැන්ත වැඩවර්ජනයකට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බ්‍රිතාන්‍ය දුම්රිය රියදුරන්ගේ සංගමයේ ප්‍රධානියා රජයට අනතුරු අඟවා ඇත්තේ ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ජනතාව ගෙන යන විරෝධතාවට සහාය පළ කරමින් මේ ගිම්හානයේදී දැවැන්ත වර්ජනයකට යොමු වන බවය. පසුගිය මාසයේදී ද එරට දුම්රිය ගමනාගමනයට බාධා සිදු කරමින් වැඩ වර්ජනයක් පැවැති අතර, මෙවර පැවැත්වීමට නියමිත බව කියන දැවැන්ත වැඩ වර්ජනය එරට සංචාරක කර්මාන්තය මුළුමනින්ම බිඳ දැමීමට හේතු වනු ඇතැයි ද වාර්තා වේ.

දුම්රිය රියැදුරන් ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව වැටුප් වර්ධකයක් බලාපොරොත්තු වන අතර, දුම්රිය සමාගම් 10කින් සමාගම් 3ක සාමාජිකයන් දැනටමත් මේ වැඩ වර්ජනයට එකඟතාව පළ කර තිබේ.

Leave a Reply

Your email address will not be published.