මිලියන 63 ක් වටිනා කේරළ ගංජා තොගයක් නොරොච්චෝලේ දී හසුවෙයි

පුත්තලම නොරොච්චෝලේ ප්‍රදේශයේ අද අළුයම ( 06) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 212 ක පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් සමඟ සැකකරුවකු (01) නීතීයේ රැහැනට හසුකර ගැනීමට සමත් වී  ඇත

ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්නි ආයතනය විසින් නොරොච්චෝලේ පොලීසිය හා එක්ව නොරොච්චෝලේ කරඹ මාර්ග බාධකය අසලදී අද අළුයම සැකකටයුතු වෑන් රථයක්  පරීක්‍ෂාවට ලක්කර තිබෙයි

එහිදී, එම වෑන් රථය තුල උර දහයක (10) පාර්සල් අනූ හතක් (97) වශයෙන් අසුරා ප්‍රවාහනය කරමින් තිබූ කේරල ගංජා කිලෝ ග්‍රෑම් 212 ක පමණ තොගයක් සමඟ  සැකකරුවෙකු (01) සහ එම වෑන් රථය අත්අඩංගුවට ගෙන ඇත

 මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවටගත් කේරළ ගංජා තොගයේ දළ  වටිනාකම රුපියල් මිලියන 63 කට අධික වෙතැයි  විශ්වාස කෙරේ.

 තවද, අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32 ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගන්නා ලද අතර, සැකකරු සහ වෑන් රථයේ සිටි වයස අවුරුදු 06 ක පමණ ගැහුණු ළමයෙකුද, මෙහිදී අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය හා වෑන් රථය සමඟ ඉදිරි නීතිමය කටයුතු සඳහා නොරොච්චෝලේ පොලිස් ස්ථානය වෙත භාරදීමට  කටයුතු කර තිබෙයි

Leave a Reply

Your email address will not be published.