ඉදිරි සංවර්ධන කටයුතු තාවකාලිකව නවත්වන්න

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පරිපූරක ඇස්තමේන්තුව මගින් නාගරික සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන් නොකෙරෙනු ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසිය.

රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිරි සංවර්ධන කටයුතු සියල්ල තාවකාලිකව නතර කරන ලෙසටත්, දැනට ආරම්භ කොට ඇති සංවර්ධන කටයුතුද පාඩු සිදු නොවන අයුරින් තාවකාලිකව නවතන ලෙසත් භාණ්ඩාගාරය  දැනුම් දී ඇති බවද අමාත්‍යවරයා පැවසිය.

රණතුංග මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී පසුගියදා (05) පැවැති  නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.

Leave a Reply

Your email address will not be published.