ජල නලයක බිඳවැටීමක් හේතුවෙන් කොළඹ 12, 13, 14 සහ 15 යන ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවා ඇති බව ජලසම්පාදන මණ්ඩලය පවසයි.
මේ අතර කොළඹ 01 ප්රදේශයට අඩු පීඩනයකින් ජලය සැපයෙන අතර, හෙට උදෑසන 06 පමණ වන විට සැපයුම යථා තත්ත්වයට පත්වනු ඇති බව මණ්ඩලය වැඩිදුරටත් සදහන් කරයි.