ධම්මිකගේ ප්‍රකාශය ගැන හර්ෂගේ පැනයට අගමැතිගෙන් සිනාවකින් පිළිතුරු

මුදල් අමැති ධුරයෙන් ඉල්ලා අස් වන ලෙසට රනිල් වික්‍රමසිංහ මහතාට ඇමැති ධම්මික පෙරේරා මහතා විසින් ප්‍රකාශ කර ඇති බවට පුවතක් ලැබුණු බවත් මේ සම්බන්ධයෙන් අගමැතිවරයා පිළිතුරක් දිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (6) ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් වට්ස්අප් පණිවුඩයක් ද ලැබී ඇති බව හර්ෂ ද සිල්වා මහතා පැවසීය. එබැවින් මේ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය බව ද හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රකාශයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිනාමුසුව යමක් පැවසූ අතර, හර්ෂ ද සිල්වා මහතා මතු කරන ලද සියලු ප්‍රශ්නවලට ආණ්ඩුවේ සිටියා මෙන් පිළිතුරු දුන් බව ද පැවසීය. එමෙන්ම හර්ෂ ද සිල්වා මහතාට තව ඉතිරිව ඇත්තේ පියවර දෙකක් බව ද අගමැතිවරයා පැවසීය

Leave a Reply

Your email address will not be published.