ලෝක ආහාර වැඩසටහනෙන් ශ්‍රී ලංකාව ගැන අනාවරණයක්

ශ්‍රී ලංකාවේ මිලියන 6.26 ක ජනතාවක් මීළඟ කෑම ආහාර වේල පිළිබඳ අවිනිශ්චිතභාවයකින් පෙළෙව බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන (WFP) පවසයි. 

එම වැඩසටහනේ නවතම තත්ත්‍ව වාර්තාවට අනුව ශ්‍රී ලංකා ජනගහනය ආර්ථික හා ආහාර අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත්වන බවය.

ශ්‍රී ලාංකිකයන් මිලියන 6.26ක් හෝ නිවාස 10කින් 03ක් ඊළඟ කෑම වේල කෙසේ ලැබේ දැයි අවිනිශ්චිතතාවයකින් පසුවන බව එහි සදහන් වේ. 

2022 වසරේ ජූනි මාසයේදී ආහාර උද්ධමනය සියයට 57.4ක් ලෙස භයානක ලෙස ඉහළ ගොස් ඇත. දැඩි ලෙස ඉහළ යන ආහාර මිල ගණන්, ප්‍රමාණවත් සහ පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීමට ජනගහනයට ඇති හැකියාව අඩපණ කර ඇතැයි ද අදාළ වාර්තාවේ දැක්වේ.

ඇස්තමේන්තු කර ඇති ආකාරයට මේවන විට පවුල් 200,000ක් පමණ මේවනවිට දැඩි අවදානමකට ලක්ව ඇතැයි ද ලෝක ආහාර වැඩසටහන සදහන් කර තිබේ. 

Leave a Reply

Your email address will not be published.