ග්‍රාම නිලධාරිනුත් තීරණයක් ගනී

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් නිවෙස්වල සිට රාජකාරී සිදුකිරීමට ග්‍රාම නිලධාරීවරුන් තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමයේ ප්‍රධාන ලේකම් එස්. ඒ. අතුල සීලමන්ආරච්චි මහතා සඳහන් කළේ, සිය නිලධාරීන්ට ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් රජය ගෙන නොමැති බවය.

මේ හේතුවෙන් අද (07) දිනයේ සිට රාජාකාරී ස්ථාන වෙත නොගොස් නිවසේ සිටම රාජකාරී සිදුකිරීමට තීරණය කර ඇති බව අතුල සීලමන්ආරච්චි මහතා සඳහන් කළේය.

මේ අතර යල කන්නය සඳහා සියලු ගොවීන්ට පොහොර සහනාධාරය ලබානොදෙන්නේ නම් පොහොර බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත් වන බව සමස්ත ලංකා කෘෂි පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින්ගේ එකමුතුවේ සභාපති සමරසිංහ දිසානායක මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.