තවත් ක්‍රීඩකයින් දෙදෙනෙක් ට කොවිඩ්

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සහ දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේට කොවිඩි 19 ආසාදනය වී තිබේ.

ඒ අනුව සංචාරක ඔස්ට්‍රේලියා සමග හෙට (08) ආරම්භවන දෙවන සහ අවසන් ටෙස්ට් තරගයෙන් ඔවුන් දෙදෙනා ඉවත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේය.

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භවීමට නියමිතව තිබේ.

ඊයේ සිදුකළ රැපිඩ් අන්ටිජන් පරීක්ෂාවකදී මොවුන් දෙදෙනා ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ අනුව ඔවුන් දෙදෙනා දින 5ක කාලයක් හුදකලා කර තැබීමට පියවර ගෙන ඇති අතර සෙසු ක්‍රීඩකයින් සහ සහාය කාර්ය මණ්ඩලය කොවිඩ් පරීක්ෂණ සඳහා යොමුකර තිබේ.

මීට පෙර ඇන්ජලෝ මැතිව්ස් සහ ප්‍රවීන් ජයවික්‍රමද කොවිඩි ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණි.

කෙසේ වෙතත් මැතිව්ස් මේ වනවිට පූර්ණ සුවය ලබාඇති අතර, ඔහු හෙට තරඟය ට එක්වීමට ඉඩ ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.