නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට යාමට තැත් කළ පිරිසක් අත් අඩංගුවට

යාපනය වැල්වෙටිතුරෛ මුහුදු සීමාව හරහා ඔස්ට්‍රේලියාවට යාමට තැත් කළ පිරිසක් ඊයේ (06) යුද හමුදාව විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

බෝට්ටුවක ආධාරයෙන් ඔස්ට්‍රේලියාවට යාම සඳහා යාපනය – තොණ්ඩමාරු ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටිය දි යි මෙම පිරිස අත් අඩංගුවට පත් වී ඇත්තේ.

අත් අඩංගුවට පත් වූ පුද්ගලයන් වවුනියාව හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්.

ඔස්ට්‍රේලියාවට යාම සඳහා තැරැව්කරුට ලක්ෂ 13ක් ලබා දීමට මෙම පිරිස පොරොන්දු වී ඇති අතර, අත්තිකාරම් සඳහා ලක්ෂ 30ක මුදලක් ද මොවුන් ගෙවා ඇති බව සඳහන්.

සැකකරුවන් හතර දෙනා ඉදිරි විමර්ශන සඳහා යාපනය – වැල්වෙටිතුරෛ පොලිසියේ රඳවා තැබෙනු ඇති.

Leave a Reply

Your email address will not be published.