මහේශාක්‍ය ඔබට සුව නින්දක්…..! 

පණ අදිමින් සිටි ඇතාගේ දළ කපාගෙන ගිහින්..!😢

කැළේ ඉපදිලා කැළේ හැදිලා වැඩිලා තමන්ගේ නිජබිමේ ඇතෙකුට ගෙවන්න පුළුවන් උපරිම නිදහස් ජීවිතයක් ගත කරලා පෙනුමටම ගැලපෙන නමක් ලැබුනු මහේශාක්‍ය තමන්ගේ අවසන් හුස්ම පොද වා තලයට එකතු කරලා..

ඇතකු සමග පැවැති ද්වන්ද සටනකින් බරපතල තුවාල ලබා මරණාසන්නව සිටි ඇතකුගේ එක් දළක් කිසියම් සහාසිකයකු පොරොවක් ආධාරයෙන් කපාගෙන ගොස් ඇතැයි අනුරාධපුර වනජීවි පශු වෛද්‍ය නිලධාරී චන්දන ජයසිංහ මහතා පවසයි.

කැබිතිගොල්ලෑව තිත්තගෝනෑව මොරඔය කුඹුරකවැටී සිටි සද්ධන්තයකුගේ දළක් මෙසේ කපාගෙන ගොස් ඇත.

කැබිතිගොල්ලෑව නබඩවැව අසල වනයකදී තවත් ඇතකු සමග ඇතිවූ ද්වන්ධ සටකින් පසු මෙම ඇතා බරපතල තුවාල ලබා ඊරිපිනිවැව වතුර අද්දරට පැමිණ පන අදිමින් සිටියදි වනජීවි නිලධාරීන් මෙම ඇතාට ප්‍රතිකාර කිරීම අරඹා ඇත.

සති තුනකට ආසන්න කාලයක් එම නිලධාරීන් ඇතාට නොකඩවා ප්‍රතිකාර කිරීම සිදු කළ බව වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published.