බස් ගමනාන්ත තීරණය කළ යුත්තේ බස් ගැමුණු නොවේ – විමුක්ති දුෂාන්ත

විරෝධතා පැවැත්වෙන ගමනාන්ත හෝ ස්ථාන කේන්ද්‍ර කරගනිමින් කිසිදු බස් රථයක් ධාවනය නොකරන බවට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න විසින් සිදු කළ ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව සමස්ථ ලංකා බස් මගීන්ගේ සංගමයේ කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී

එම නිවේදනය පහතින්,

විරෝධතා පැවැත්වෙන ගමනාන්ත හෝ ස්ථාන කේන්ද්‍ර කරගනිමින් කිසිදු බස් රථයක් ධාවනය නොකරන බවට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න විසින් සිදු කළ ප්‍රකාශය සමස්ථ ලංකා බස් මගීන්ගේ සංගමය පිළිකුලෙන් යුතුව මෙයින් හෙළා දකියි.

බස් රථවල ගමනාන්ත තීරණය කිරීමේ බලය බස් හිමියන්ගේ සංගම් සතු බලයක් නොවන අතර බස් රථ ධාවන මාර්ග පිළිබඳව සියළු බලය ඇත්තේ ජාතික ගමනාගමනය කොමිෂන් සභාව සතුව බව අවධාරණය කළ යුතුය.

අනෙක් අතට බස් මගියා ඇතුළු සමස්ථ ශ්‍රී ලාංකික පුරවැසියන් ම පවතින අර්බුදයේ වින්දිතයන් බවට පත් කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව හෙට (09) දිනයේ පැවැත්වෙන දැවැන්ත විරෝධතා මාලාව කඩාකප්පල් කිරීම වෙනුවෙන් බස් ගැමුණු ඇතුළු බස් හිමියන්ගේ සංගම් සහ මහජනයා සතු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවක සංගම් විසින් සිදුකරන නිර්ලැජ්ජිත ක්‍රියා කලාපය හෙළා දැකීමට ද මෙය අවස්ථාවක් කරගනිමු.

එසේම මෙරට සමස්ථ මගී ජනතාව සහ දුක් විදින පුරවැසියන් වෙනුවෙන් හෙට විරෝධතා සඳහා එක්වන සියළු දෙනාට අප සංගමයේ ගෞරවය පිරිනමන අතරම එම සියළු විරෝධතා ප්‍රචණ්ඩත්වයෙන් තොරව පවත්වාගෙන යන ලෙසද ඉල්ලා සිටිමු.

ස්තුතියි,

මීට,

විශ්වාසී,

විමුක්ති දුෂාන්ත,

කැඳවුම්කරු,

සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය

Leave a Reply

Your email address will not be published.