බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරයි

තමාට නායකත්වයෙන් ඉල්ලා අස්වන බවට සිදුකෙරෙන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසයි.

ඔහු පවසන්නේ, තමන් සිය කැබිනට්ටුවේ ඉහළ යමින් පවතින කැරැල්ලකට මුහුණදෙමින් සිටින බවය. 

පවතින ආර්ථික පීඩනය සහ යුක්‍රේන යුද ගැටුම් මධ්‍යයේ තමා ඉල්ලා අස්වීම නිවැරදි නොවන බව බොරිස් ජොන්සන් සිය කැබිනට් මන්ත්‍රීවරුන් හමුවේ ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් බොරිස් ජොන්සන්ගේ නායකත්වයට විරෝධය පළ කරමින් මේ වන විට එම කැබිනට්ටුවෙන් අමාත්‍යවරුන් පිරිසක් ඉවත් වී ඇති අතර තවත් පිරිසක් ඉදිරියේ දී ඉල්ලා අස්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.