හෙට අරගලයට සජබෙ සහායත් – මුජිබර්

මේ වන විට රටේ ආර්ථික,සමාජීයමය හා දේශපාලන වශයෙන් විශාල කඩා වැටීමකට ලක් වෙමින් පවතින බවත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරයට පත්ව මාස එක හමාරකට ආසන්න කාලයක් ගතව ඇතත් එතුමාටද ජනතාවට විශ්වාස කළ හැකි වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට මේ වන තෙක් අපොහොසත්ව ඇතැයි අද සමගි ජනබලවේගය කැදවා තිබු මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

පසුගියදා නවතමයෙන් පත්වු ධම්මික පෙරේරා මන්ත්‍රීවරයා කියා සිටියා අගමැතිවරයා මුදල් ඇමති ධුරයෙන් ඉවත් විය යුතු බව.පසුව ජනාධිපතිවරයා අගමැතිවරයා යටතේ පැවති ආයතන තුනක් ගැසට් නිවේදනයකින් ධම්මික පෙරේරා වෙත පවරා දෙනු ලැබුවා.මේ සිදු වීම් දිහා බැලුවම මෙන්ම ධම්මික පෙරේරගෙ ප්‍රකාශයෙනුත් අපට පේනව මේ සිදුවීම් පිටිපස රාජපක්ෂවරු සිටින බව.එමෙන්ම මේ ආණ්ඩුව තුල රාජපක්ෂ අවතාර තවම තිබෙනවා.දැන් රනිල් වික්‍රමසිංහ මහතාටත් ඉවත් වෙන තත්වයට පත් වෙලා තිබෙනවා.

කිසිවෙකුට නොදන්වා අගමැතිකම රනිල් ගන්න අවස්ථාවෙ අපි කිව්ව ඔය හදන්නෙ රාජපක්ෂල ආරක්ෂා කරන්න කියල.දැන් රාජපක්ෂල හුස්ම ගද්දි නැවත රාාජපක්ෂලම එකතු වෙලා රනිල්ව එලවන්න හදනවා.රනිල් වික්‍රමසිංහ රාජපක්ෂල හදුනන්නෙ නැති වුනාට රටේ ජනතාවයි හා අප නම් රාජපක්ෂලව හොදට දන්නවා.

වර්ථමානය වන විට රටේ තත්වය ඉතාම භයානක තැනකට තල්ලු වෙමින් යනවා.ජුලි 09 වනදා දිනය ගාලු මුව දොර අරගලකරුවන්ට ඓතිහාසික දිනයක්.හෙට දිනය වන විට රට වටෙන්ම විරෝධතා මතු වෙනව ගෝඨාභය රාජපක්ෂ මහතාට ගෙදර යන්න කියන පණිවිඩය ලබා දෙන්න. හෙට කොළඹ නගරයට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එක් රැස් වෙන්න බලාගෙන ඉන්නව.එය කඩාකප්පල් කරන්න ආණ්ඩුව විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.කුමන්ත්‍රණ අවශ්‍ය නෑ රනිල් ගෝඨාභය ඉවත් වුවොත් අපට මෙම ගැටලුව විසදගන්න පුලුවන්.

පෝලිම් වල සිටින සියලු දෙනාටම අපි ආරාධනා කරනවා ගෝඨාභය හා රනිල් ගෙදර යැවීම සදහා පවත්වනු ලබන අරගලයට සහභාගීවීමට හෙට උදේ නවයට කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට පැමිනෙන ලෙස.

Leave a Reply

Your email address will not be published.