Gflock වෙතින් ඩොලර් හිඟයට ප්‍රායෝගික විසඳුමක්

වෙළෙඳපොළ වෙත කඩිනමින් විලාසිතා හඳුන්වා දෙන (Fast fashion clothing brand) ශ්‍රී ලංකික සන්නාමයක් වන Gflock ආයතනය ඩොලර් හිඟයට කඩිනම් හා ප්‍රායෝගික විසඳුමක් ඉදිරිපත් කරයි. පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් Gflock ආයතනයේ සභාපති රනිල් විල්අද්දරගේ සිය යෝජනාව ඉදිරිපත් කළේ මෙසේයි.

‘‘අපේ විදේශගතව සිටින සියලු ශ්‍රී ලංකිකයන් විශේෂයෙන්ම expect community එක ඔවුන්ගේ ඇඳුම් මිලදී ගන්නේ Zaara, Mango, Myer, Uniqlo, Shein, H and M වැනි සන්නාමවලින්. මේ සන්නාම හිමි මව් රටවල් බොහොමයක් බටහිර රටවල් හා සංවර්ධිත ආසියාතික රටවල්.

අමෙරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ජීවත්වන ශ්‍රී ලංකිකයන් වසරකට මේ බ්‍රෑන්ඩ්වලින් ඩොලර් 300 /500 අතර ඇඳුම් වෙනුවෙන් මේ විදෙස් සන්නාම සඳහා වියදම් කරනවා. මගේ යෝජනාව මේ විදෙස්ගත ශ්‍රී ලංකිකයන්ගේ clothing budget එක අපේ රටේ තරුණ පරම්පරාවේ නිර්මාණශීලීත්වයෙන් ඇරඹි Gflock වෙතින් online order කරන ලෙසයි.

‘‘ඒ වෙනුවෙන් මම මේ ව්‍යාපාරයේ හිමිකරුවා ලෙස ව්‍යාපාරයේ කොටස් 51% 2025 දී සමස්ථ ශ්‍රී ලංකික ජනතාවට පැවරීමට සූදානම් “

වැඩි දුරටත් අදහස් දැක්වූ රනිල් විල්ලද්දරගේ මහතා, ‘‘අපි දන්නවා Fashion company කියන්නේ විශාල මුදල්‍ ලබා ගත හැකි ව්‍යාපාර. අපේ වගේම Fast Fashion business model එකක් තියන අනික් ව්‍යාපාර සන්නාමයක් වන zara වාර්ෂික ආදායම ඩොලර් බිලියන 20- 25ක් අතර. මෙහිදී අපි අවධානය යොමු කළ යුත්තේ shein කියන බ්‍රෑන්ඩ් එකටයි. මේ සන්නාමය ඉහළට පැමිණියේ අනෙක් සන්නාම මෙන් ප්‍රදර්ශන සාප්පුවක් හෝ නැතිවයි. එහි සම්පූර්ණ ආදායම මාර්ගගත අලෙවිය (online sale ) මතයි රඳා පවතින්නේ. මේ සන්නාමය වසරකට ඩොලර් බිලියන 15ක් පමණ උපයන්නේ ලොව පුරා කෙරෙන මාර්ගගත අලෙවිය (online sale) ඔස්සේයි. ඒ මට්ටමේ ආදායමක් කෙසේ වෙතත් එවැනිම ව්‍යාපාරික පිළිවෙත් අනුගමනය කරන අපගේ ව්‍යාපාරයට වසර 5-7 ඇතුළත වාර්ෂික ආදායම ඩොලර් බිලියන 5 දක්වා වර්ධනය කළ හැකියි. මේ තත්ත්වයට ළඟා වීමට යුරෝපය, කැනඩාව, අමෙරිකාවෙහි ජීවත් වන ශ්‍රී ලංකිකයන්ගේ දායකත්වය ඉතා වැදගත්. ඩොලර් හිඟයට කඩිනම් විසඳුමක් මෙන්ම දීර්ඝකාලීනව රටේ ආර්ථිකය ස්ථාවර කිරීමටත් ⁣මෙය පිටුවහලක් වේවි.‘‘

Leave a Reply

Your email address will not be published.