ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත් වීමෙන් පසු වැඩබලන ජනාධිපතිවරයා ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පත්විය යුතු බවට අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීන්දු කර ඇති බව වාර්තා වේ. මේ වනවිට කතානායක නිලනිවසේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට ඇත.
මෙම පක්ෂ නායක හමුවට පක්ෂ නායකයන් කිහිප දෙනකු සහභාගී වී සිටි අතර බොහෝ පිරිසක් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී තිබිණ. මෙහිදී අගමැති රනිල් විත්රමසිංහ මහතාද වහාම අගමැති ධූරයෙන් ඉවත් විය යුතු බව ඔවුන් පෙන්වා දී ඇත. මෙහිදී පක්ෂ නායකයන් බහුතරයක් දැනුම් දී ඇත්තේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස කතානායකවරයා පත්වීමෙන් පසු නව අගමැතිවරයකු පාර්ලිමේන්තුවෙන් පත්කර ගත යුතු බවකි.