ගන්නා ඕනෑම තීන්දුවකට තමන් ගරු කරන බව ජනපති අගමැතිට දන්වයි

පක්ෂ නායක රැස්වීමේ දී ගන්නා ඕනෑම තීරණයකට තමන් ගරු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඒ බව ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දන්වා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.
ඒ අද (09) දින සිදුවන සිදුවීම් මාලාව අනුව ජනාධිපති ලෙස තම වගකීම්, බලතල සහ යුතුකම් තවදුරටත් ඉටු කළ හැකි ද යන්න සලකා බලන ලෙසත්, ජාතියේ දේශපාලන ස්ථාවරත්වය සුරක්ෂිත කිරීම සඳහා අගමැති, කථානායක, කැබිනට් මණ්ඩලය සහ මන්ත්‍රීවරුන් සමග ඉල්ලා අස්වෙන ලෙසත් එම සංගමය ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published.