අරගලකරුවන්ට කඳුළු ගෑස්

ජන අරගලයට සහය පළ කරමින් පැමිණි අරගලකරුවන්ට කඳුළු ගෑස් එල්ල කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.
කොළඹ කොටුව සිට පා ගමනින් චැතැම් වීදිය ඔස්සේ ටෙලිකොම් වටරවුම අසලට පැමිණි අරගලකරුවන් විසිරුවා හැරීම සඳහායි මෙසේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට කටයුතු කර තිබෙන්නේ.
මේ අතර කොළඹ කොටුව බැංකු මාවත සහ චැතම් වීදිය යන ප්‍රදේශ දෙකෙන් ම ආරක්ෂක අංශ විසින් අරගලකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන බව වාර්තා වනවා.
අරගලකරුවන් කොළඹ කොටුව ජනාධිපති මන්දිරයට ප්‍රවේශ වන මාර්ග ඔස්සේ ජනාධිපතිමන්දිරයට ඇතුළු වීමට උත්සහ ගැනීමේ දී යි මෙම කඳුළු ගෑ ප්‍රහාරය එල්ල කොට තිබෙන්නේ.
කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අවට දැඩි මාර්ග බාධක යොදා අරගලකරුවන්ට ඇතුළු වීමට නොහැකි වන ආකාරයෙන් ආවරණය කර ඇති අතර පොලීසිය හා යුධ හමුදා නිලධාරීන් යොදවා ජනාධිපති මන්දිරය අවට දැඩි ආරක්ෂාවක් යොදා තිබෙනවා.
මේ අතර ඊයේ (08) කොළඹට පැමිණි අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයන් කොළඹ රැය පහන් කළා.
එසේ ම ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්‍යාලය අවට දැඩි ලෙස ජනතාවගෙන් පිරී ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published.