දුම්රිය ධාවන කටයුතු යළි ඇරඹෙයි – ලංගමත් සාමාන්‍ය පරිදි

පොලිස් ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ නැවතත් දුම්රිය ධාවන කටයුතු ආම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සදහන් කරයි.

ඊයේ (08) රාත්‍රීයේ ඇඳිරි නීතිය පැනවීමත් සමඟ දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, පිට පළාත්වල සිට කොළඹ දක්වා දුම්රිය ධාවන කටයුතු සිදු නොවන බවයි.

මේ අතර ලංගම සේවකයින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අත්හිටුවීමට වෘත්තිය සමිති තීරණය කර තිබේ. ඒ අනුව බස් ධාවනය සාමාන්‍ය පරිදි සිදු කෙරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published.